Latest News

ලොව ප්‍රථම 6G Chip එක නිපදවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ප්‍රථම 6G Chip එක හඳුන්වාදීමට චීන පර්යේෂකයින් පිරිසකට හැකිවී තිබෙනවා.

වත්මන් අන්තර්ජාල සේවාවට සාපේක්ෂව එමගින් 5,000 ගුණයකින් වේගය වැඩි කළ හැකි බවයි පැවසෙන්නේ.

ඒ අනුව නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද අන්තර්ජාල සේවා වේගවත් කිරීමට හැකිවනු ඇති.

බීජිං පදනම් කරගත් පීකිං විශ්වවිද්‍යාලයේ සහ හොංකොං නගර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසිනුයි මෙය නිපදවා ඇත්තේ.

මෙම Chip එක මඟින් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල අධිවේගී අන්තර්ජාල සේවාවක් සඳහා වේගයෙන් පිවිසිය හැකි බවයි චීන මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ අනුව මෙමඟින් තත්පර කිහිපයකින් 50GB High-definition 8K චිත්‍රපටයක් Download කිරීමට ඉඩ සලසනු ලබනවා.

මෙය ඉදිරි ගමන දුරස්ථ සේවා වේගය විශාල වශයෙන් ඉහළ නැංවිය හැකි නමුත්, විචාරකයින් අනතුරු අඟවන්නේ මෙම තාක්‍ෂණය හරහා පෞද්ගලිකත්වය පිළිබඳ අවදානම් වැඩි කළ හැකි බවයි.

World News

Send your contact Details Today