Latest News

භූ කම්පනයෙන් හානි සිදු වූ ඇෆ්ගනිස්ථානයට විදෙස් ආධාර

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්තානයට බලපෑ භූ කම්පනය සහ එහි බලපෑම් සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය මවුලවි අමීර් ඛාන් මුටාකි සමඟ සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.

ඔහු සඳහන් කළේ තමන් ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශෝකය ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම ඔහු පැවසුවේ ඉන්දියාව දැනටමත් ඇෆ්ගනිස්ථානයට සහන ද්‍රව්‍ය යවා ඇති බවයි.

“ඉන්දියාව අද කාබුල්හි පවුල් කූඩාරම් 1000 ක් ලබා දී ඇති බව ප්‍රකාශ කළේය. ආහාර ද්‍රව්‍ය ටොන් 15 ක් ද වහාම කාබුල් සිට කුනාර් වෙත ඉන්දියානු දූත මණ්ඩලය විසින් ගෙන යනු ලැබේ,” ඔහු පැවසීය. අමාත්‍ය ජයිශංකර් පැවසුවේ ඉන්දියාව ඇෆ්ගනිස්තානයට තවත් ආධාර යොමු කරන බවයි.

“තවත් සහන ද්‍රව්‍ය හෙට සිට ඉන්දියාවෙන් එවනු ලැබේ. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මෙම දුෂ්කර අවස්ථාවේ ඉන්දියාව ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පෙනී සිටියි,” ඔහු ප්‍රකාශ කළා.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 800කට අධික සංඛ්‍යාවක් මියගොස් 2,800කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

World News

Send your contact Details Today