Latest News

අනාථ දරුවන් සම්බන්ධයෙන් අමෙ­රි­කානු රජයේ සැල­සුමක්, එරට අධිකරණයෙන් අත්හිටුවයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

භාර­ක­රු­වන් නොමැති ගෞත­මාලා ජාතික දරු­වන් 600කට වැඩි පිරි­සක් නැවත සිය රටට පිටු­ව­හල් කිරීම සඳහා ට්‍රම්ප් පරි­පා­ල­නය ගත් තීර­ණය අව­සන් මොහොතේ එරට අධි­ක­ර­ණ­යක් මඟින් තාව­කා­ලික තහ­නම් නියෝ­ග­යක් නිකුත් කිරීම හේතු­වෙන් ඒ වන­වි­ටත් ගුව­න්යා­න­ය­කට ගොඩනංවා සිටි දරු­වන් නැවත ගොඩ බැස්සවී­මට ටෙක්සාස් ගුව­න්තො­ටු­පොලේ පාල­නා­ධි­කා­රි­යට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනාථ දරු­වන් නැවත ගෞත­මාලා රාජ්‍ය­යට යැවී­මෙන් ඔවුන්ගේ ජීවිත අව­දා­න­ම­කට ලක්විය හැකි බවට දරු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන් කරුණු සැල­කි­ල්ලට ගනි­මින් එම නියෝ­ගය නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

ගෞත­මාලා අනාථ දරු­වන් නැවත පිටු­ව­හල් කිරීම අත්හි­ටු­වනු ලැබුවේ තාව­කා­ලි­කව බව ප්‍රකාශ කර ඇති විනි­සු­රු­ව­රයා, එම ගැට­ලු­වට ස්ථීර තීන්දු­වක් ලබා දෙන­තුරු ඔවුන් ආර­ක්ෂා­කා­රීව රඳවා තබන බවට රජය සහ­තික විය යුතු බව ද සඳ­හන් කර තිබෙන බව ද වාර්තා වනවා.

ට්‍රම්ප් පරි­පා­ල­නයේ තීන්දුව දැඩි ලෙස විවේ­ච­න­යට ලක් කර­මින් සංක්‍ර­ම­ණික දරු­වන්ගේ අයි­තීන් පිළි­බඳ තරුණ මධ්‍ය­ස්ථා­නයේ විධා­යක අධ්‍ය­ක්ෂිකා ග්ලැඩිස් මොලිනා සඳ­හන් කර ඇත්තේ අමෙ­රි­කාවේ සහ ජාත්‍ය­න්තර නීති­යට අනුව එය පිටු­ව­හල් කිරීම නොව භාර­ක­රු­වන් නොමැති අනාථ දරු­වන් අත­රමං කිරී­මක් බවයි.

රැක­ව­ර­ණය බලා­පො­රො­ත්තු­වෙන් අමෙ­රි­කා­වට සේන්දු වූ අනාථ දරු­වන් නැවත පිටු­ව­හල් කිරී­මෙන් ට්‍රම්ප් පරි­පා­ල­නය නීතිය උල්ලං­ඝනය කරන බව ද ඇය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ.

පසු­ගිය අගෝස්තු මාසය වන විට භාර­ක­රු­වන් නොමැති අනාථ දරු­වන් දෙද­හ­ස­කට අධික සංඛ්‍යා­වක් අමෙ­රි­කාවේ සෞඛ්‍ය දෙපා­ර්ත­මේන්තු හා මානව හිමිකම් සේවා අධී­ක්ෂ­ණය යටතේ රඳවා තබා සිටින බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today