Latest News

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයා විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

ලබන වසරේ අග භාගයේ සිට ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ටෙස්ට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවයදීම වෙනුවෙන් ඔහු මෙලෙස විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

35 හැවිරිදි ස්ටාර්ක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 65ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 79ක්.

ඔහු අවසන් වරට 2024 කැරිබියන් දූපත්වල පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

World News

Send your contact Details Today