Latest News

ලෝක බලවතුන් තිදෙනෙකු හදිසියේම හමුවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පූටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවක් පවත්වා තිබෙනවා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට එක්වෙමින් මොවුන් සුහද කතාබහක නිරතව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදෙනා චීන ජනපති ෂි ජිංපිං විසින් පිළිගත් අවස්ථාවේදී සිදුවූ කෙටි කතාවක් අතරතුර තිදෙනා යමක් කතිකා කරගෙන මහහඬින් සිනාසෙන වීඩියෝවක් සමාජ ජාල තුළ වේගයෙන් පැතිර යනවා.

මෙහිදී පුටින්, සහ මෝදි කිසියම් හෝ දෙයක් පවසා අනතුරුව සිනාසෙන බැවින් ඒ කතා කළේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව බවට අනුමාන කරමින්.

ඔවුන් තිදෙනා වටා පරිවර්තකයින් සිටියත් ඔවුන්ගේ ද සහය නොමැතිව මොවුන් සිය විහිළුව කරමින් සිනාසෙන බවටයි පෙනී යන්නේ.

World News

Send your contact Details Today