Latest News

🟠 𝙉𝙀𝙒𝙎 𝙐𝙋𝘿𝘼𝙏𝙀: ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත් වූ ගණන 600 ඉක්මවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තවත් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබුණා.

භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පළමු භූ කම්පන තත්ත්වය සිදුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර ඒවා පිළිවෙලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසයක පැවතුණු බවද වාර්තා වනවා.

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්ථාන වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දුරස්ථ කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීමේ කටයුතු ඉතා දුෂ්කර වී තිබෙනවා.

භූමිකම්පාව කාබුල් සිට අසල්වැසි පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දක්වා දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today