ඉතාලිය විසින් මෙම සරත් සෘතුවේ දී රෝමය සහ සියෙනා අතර නව දුම්රිය සේවාවක් දියත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඉතාලියේ සංචාරක දුම්රිය මුලපිරීමේ කොටසක් වන එස්ප්‍රෙසෝ සියෙනා, සති අන්ත තුනක ක්‍රියාත්මක වන අතර, සැප්තැම්බර් 27, ඔක්තෝබර් 4 සහ නොවැම්බර් 1 යන දිනවල සෙනසුරාදා උදෑසන 07.42 ට රෝමා ටර්මිනියෙන් පිටත් වී 13.20 ට සියෙනා වෙත ළඟා වනවා.
ආපසු ගමන සැප්තැම්බර් 28, ඔක්තෝබර් 5 සහ නොවැම්බර් 2 යන දිනවල ඉරිදා දිනවල 15.05 ට සියෙනා වෙතින් පිටත් වන අතර මිල ගණන් යුරෝ 29 සිට ආරම්භ වන බවයි සඳහන් වන්නේ.
මෙම දුම්රියේ විශේෂත්වය වන්නේ 1970 ගණන්වල දුම්රිය ගමන් වල අලංකාරය අවදි කරන අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ‘Gran Confort’ මැදිරි මෙම දුම්රිය සඳහා යොදාගෙන තිබීමයි.
ඒ අනුව මෙම දුම්රිය Argentario සහ Val d’Orcia ප්‍රදේශ හරහා ගමන් කරන අතර, Tarquinia, Capalbio, Orbetello, Grosseto, Montepescali, Monte Antico, Buonconvento සහ Monteroni d’Arbia යන ස්ථානවල නවත්වනු ඇති.