ස්වයං-රිය පැදවීමේ තාක්ෂණය (Full Self-Driving – FSD) ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කරන බව ටෙස්ලා සමාගම නිවේදනය කර තිබෙනවා.
මෙම නවීන මෘදුකාංගය මගින් රියදුරන්ට ගමනාන්තයට ළඟා වන තෙක්, Steering wheel ස්පර්ශ නොකර ගමන් කිරීමේ හැකියාව සපයනු ලබනවා.
ගමන් මාර්ග හඳුනා ගැනීම, තාක්ෂණිකව සම්පූර්ණ ගමනාන්ත සැලසුම් කිරීම, මංසන්ධි හඳුනාගැනීම, රථවාහන තදබදය තුළ ගමන් කිරීම සහ නවීන නීති පිළිපැදීම ඇතුළු විශේෂාංග රැසක් Full Self-Driving සඳහා ඇතුළත් වනවා.
ටෙස්ලා සමාගම සඳහන් කරන්නේ, මෙම පද්ධතිය මගින් රියදුරන්ගේ ආරක්ෂාව වැඩිදියුණු වන අතර, දීර්ඝ ගමන්වලදී මානසික සහ ශාරීරික ගැටළු අවම කර ගත හැකි බවයි.
කෙසේ වෙතත් නව තාක්ෂණය සම්පූර්ණයෙන්ම විශේෂ නීතිමය පරික්ෂණ යටතේ යොදා ගත යුතු බවයි ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ.
මෙය ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ කර්මාන්තයේ විශාල තාක්ෂණික දියුණුවක් වුවද, රියදුරු රැකවරණය, රථවාහන නීති, සහ නව තාක්ෂණය පිළිබඳ විශ්වාසය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අදහස් පළ වී තිබෙනවා.