Latest News

ආසියානු කුසලාන තරගාවලියේ, තරග පැවැත්වීමේ වෙනසක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලානය පැවැත්වෙන ඩුබායි රාජ්‍යයට මේ දිනවල බලපෑ ඇති දැඩි උණුසුමත් සමඟ ආසියානු කුසලාන තරගාවලියේ සියලුම තරග ආරම්භ කිරීම මිනිත්තු 30කින් ප්‍රමාද කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට මීට පෙර තරග ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00 ට තරග ආරම්භවනවා.

නමුත් ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයට මෙම සංශෝධනය බලනොපාන බවයි වාර්තාවන්නේ.

කණ්ඩායම් 08ක් තරගවදින තරග 19කින් සමන්විත මෙවර ආසියානු කුසලානය ලබන මස 09 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

World News

Send your contact Details Today