ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
නායයෑමෙන් එරට ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර අවතැන් වු පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
පසුගිය සති කිහිපය තුළ ඇදහැළුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මේ දක්වා එම ප්‍රදේශයේ පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව සදහන් වනවා.