ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “කෙහෙල්බද්දර පද්මේ” ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
ඒ අනුව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද නොහොත් පිට්ටුවා, පානදුරේ නිලංග , බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පාතාලයේ අපරාධකරුවන් පස්දෙනා රැගත් ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් ගුවන් තොටුපල පරිශ්‍රයේත් ඉන් පිටතත් රැඳී සිටිමින් ආරක්ෂාව තර කර තිබුණා.
ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ඉන්දුනීසියානු රජයේ සහය ලැබුණු බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.
එමෙන්ම ඉන්දුනීසියාවට ගොස් සිටින බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල සහ අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් ඉන්දුනීසියානු පොලිසියේ කණ්ඩායමක් මෙම පාතාල අපරාධකරුවන් රැගෙන පැමිනුණා.
මෙම පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් එරට පැවති විමර්ශන තත්ත්වයක් මුල්කරගෙන හෙට දිනයේ ඔවුන්ව මෙරටට රැගෙන ඒමට සැලසුම් සිදුවූවත් එම විමර්ශන කටයුත්ත ඉක්මනින්ම අවසන් වීම නිසා ඔවුන්ව අද දිනයේම මෙරටට රැගෙන ඒමට ඉන්දුනීසියානු පොලිසියෙන් අවස්ථාව ලැබී තිබෙනවා.
ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරව එහි ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇති.