ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තය පුරා ලැව්ගිනි පාලනයෙන් තොරව පැතිර යන බව වාර්තා වනවා.
තර්ජනයට ලක්වූ ප්‍රදේශවලින් හදිසි ඉවත් කිරීම් ද සිදු කෙරෙමින් පවතින බවයි සඳහන් වන්නේ.
Southern Downs, Bundaberg සහ Somerset ප්‍රදේශවල ලැව්ගිනි පාලනය කිරීමට නොහැකිවී ඇති අතර, පදිංචිකරුවන්ට ඉවත් වීමට සූදානම් වන ලෙසයි අනතුරු අඟවා ඇත්තේ.
Lake Wivenhoe ප්‍රදේශයේ දැවැන්ත grassfire හේතුවෙන් පුද්ගලයින් 300කට වැඩි පිරිසක් කඳවුරු භූමියකින් ඉවත් කර තිබෙනවා.
ගින්න Brisbane Valley Highway සහ Logan Inlet Road දෙසට ගමන් කරමින් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට හෙක්ටයාර 700 ක් පුරා ලැව්ගිනි පැතිර ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.
දැඩි සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට බාධා එල්ල වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ.
මේ අතර ක්වීන්ස්ලන්ඩ් ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ කිසිදු දේපල විනාශ වීමක් මේ දක්වා සිදුවී නොමැති බවයි.