Latest News

ඉන්දුනීසියාවේ දී කොටු කර ගත් සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාවට රැගෙන එන්නේ මෙහෙමයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එම විශේෂ පොලිස් කණ්ඩායම, දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පොලිස් විමර්ශන නිලධාරීන් සමග එක්ව ඉන්දුනීසාවේ ආරක්ෂක අංශවලද සහාය ඇතිව දැඩි ආරක්ෂාව යටතේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඒ අනුව හෙට (31) පස්වරුවේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා නීති විරෝධීව උපයාගත් මුදල්වලින් ශ්‍රී ලංකාවේ මිළදී ගෙන ඇති චංචල හා නිෂ්චල දේපළ රැසක් සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු අණාවරණ වී ඇති අතර පොලීසිය පැවසුවේ, කමාන්ඩෝ සලින්ත නැමැත්තාගේ දේපළ කිහිපයක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ ප්‍රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලි තුනක නායකයින් ඇතුළු 06 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය පෙරේදා (28) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසිය සිදුකළ ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුමකින්.

කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ පානදුරේ නිලංග නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ද ඒ අතරට ඇතුළත් වනවා.

World News

Send your contact Details Today