පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය විසින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර, එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් වුණා.