Latest News

උතුරු කොරියානු නායකයා, සැප්තැම්බරයේදී චීනයට යයි – සුවිශේෂී හේතුව මෙන්න

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැප්තැම්බර් 03 වැනිදා චීනයේ බෙයිජිං අගනුවර පැවැත්වීමට නියමිත දැවැන්ත උත්සවයට උතුරු කොරියානු නායක කිම් ජොං උන් ද එක්වීමට නියමිත බව චීනයේ සහකාර විදේශ අමාත්‍ය හොං ලෙයි පවසා තිබෙනවා.

මෙසේ සැමරෙන්නේ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයයි.

චීන ජනාධිපතිවරයා ගේ ආරාධනය මත ලොව රාජ්‍ය නායකයන් 26 දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. මෙම නායකයන් අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම අවස්ථාව සැමරීමට දැවැන්ත හමුදා පෙළපාලියක් බෙයිජිං අගනුවර ටියැන්අන්මන් චතුරස්‍රයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෙම හමුදා පෙළපාලිය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පවසා තිබුණේ මෙම පෙළපාලියේදී ප්‍රදර්ශනය වන සියලු අවිආයුධ චීනයේ නිෂ්පාදිත ඒවා බවයි.

World News

Send your contact Details Today