Latest News

ලොව විශාලතම කෑම සටන පැවැත්වෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව විශාලතම කෑම සටන එනම්, ලා ටොමෙන්ටිනා ස්පාඤ්ඤයේ බුඥෝල් හිදී පවත්වා තිබෙනවා.

වාර්ෂිකව අගෝස්තු මාසයේ අවසන් බදාදාවේ පැවැත්වෙන මෙම සටන මෙවර පැවැත්වන්නේ 80 වැනි වරටයි.

ටොන් 120ක පමණ ඉදුණු තක්කාලිවලින් එකිනෙකාට පහරදෙමින් මෙම ක්‍රීඩාව පවත්වනවා.

ලොව වටා විවිධ රටවලින් මෙම නගරයට පැමිණ අදාළ ක්‍රීඩාවට සහභාගි වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය වසරේදී බුඥෝල් නගරයට ‍තක්කා සටන සඳහා 22,000ක පිරිසක් පැමිණ තිබුණා.

1945 දී මුලින්ම මෙම ක්‍රීඩාව ආරම්භ වූවේ පෙළපාලියක් අතරතුර එම නගරයේ සිටි යොවුන් තරුණයින් දෙපාර්ශ්වයක් අතර වූ සිද්ධියකින්.

මෙම ක්‍රීඩාව තුළ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීතිරීති කිහිපයක් ද වනවා.

තක්කාලි පහරදීමට පෙර මිරිකා දැමිය යුතුයි.

දැඩි දේවල් කිසිවක් සිරුරේ හෝ ඇඳුමේ තබාගැනීම ද තහනම් වන අතර බෝතල් එම ස්ථානයට ගෙනඒම ද තහනම් වනවා.

ක්‍රීඩාවේදී අනෙකාගේ ඇඳුම් ඉරාදැමීමට කිසිවකුට හැකියාවක් නෑ.

එමෙන්ම ගිනිකෙළි අනතුරු ඇඟවීමේ දෙවැනි සංඥාව ඇසුණු වහාම නැවතීම ද අනිවාර්යයි.

World News

Send your contact Details Today