Latest News

ගාසා තීරයට සහයෝගීතාවය පළ කරමින් ඉතාලිය පුරා සෞඛ්‍ය සේවකයින් සිදු කළ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදයට එරෙහිව බ්‍රහස්පතින්දා ඉතාලිය පුරා වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් සහ සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයකට සහභාගී වනවා.

ඉතාලියේ රෝහල් සහ සෞඛ්‍ය සේවා පහසුකම් 500 ක් පමණ සම්බන්ධ කර ගැනීමට නියමිත ගාසා තීරය සඳහා වන මෙම ව්‍යාපාරයට වෛද්‍ය සේවකයින් 15,000 කට වැඩි පිරිසක් අනුගත වනු ඇති බවයි සංවිධායකයින් අපේක්ෂා කරන්නේ.

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම, සාගතය, රෝහල් සහ පාසල්වලට බෝම්බ හෙලීම, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය සේවකයින් 1,400 ක් මිය යාම වැනි කරුණු ගණනාවක් මෙම උද්ඝෝෂණය සඳහා හේතු ලෙසයි ඔවුන් පවසන්නේ.

මෙම විරෝධතා හරහා නිශ්චිත ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඉතාලි රජය ඊශ්‍රායලය සමඟ ඇති සියලුම හමුදා ගිවිසුම් අත්හිටුවීම, අවි අලෙවිය නතර කිරීම, සටන් විරාමයක් සහ මානුෂීය කොරිඩෝවක් ඉල්ලා සිටීමයි.

ඊශ්‍රායල ඖෂධ සමාගමක් වන ටෙවා විසින් නිෂ්පාදනය කරන ඖෂධ වර්ජනය කරන ලෙසත් වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, රෝගීන් සහ පළාත් පාලන ආයතනවලින් ද මෙම ව්‍යාපාරය හරහා ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today