Latest News

මහාචාර්යවරියක Facebook හරහා කළ ඉල්ලීමට ඉතාලි විශ්ව විද්‍යාල අමාත්‍යවරියගේ විරෝධය

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ විශ්ව විද්‍යාල අමාත්‍ය ඇනා මරියා බර්නිනි, පැලර්මෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක විසින් සිදු කළ ප්‍රකාශයක් “පිළිගත නොහැකි” බව පවසමින් විවේචනය කර තිබෙනවා.

ඒ අනුව විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ලූකා නිවාරා විසින් කරන ලද කම්පන සහගත යෝජනාව ක්ෂණික මතභේදයට තුඩු දුන් අතර එය පුළුල් ලෙස හෙළා දැක තිබෙනවා.

මහාචාර්යවරිය සිසුන්ගෙන් ඉල්ලා තිබුණේ Facebook හි යුදෙව් ජනතාව සමඟ මිතුරුකමෙන් ඉවත් කරන ලෙසයි.

එමෙන්ම මේ පිළිබඳව පැලර්මෝ විශ්ව විද්‍යාලයේ ප්‍රධානී මැසිමෝ මිදිරි, පවසා ඇත්තේ “අපගේ විශ්ව විද්‍යාලයේ මූලධර්මවලින් බොහෝ දුරස් වූ සංස්කෘතික වශයෙන් භයානක පුද්ගලික මුලපිරීමක්” ලෙසයි.

World News

Send your contact Details Today