අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක ඊයේ (27) සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙක් බවට තහවුරු කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයට සහභාගී වූවන් ඉලක්ක කරගනිමින් සිතා මතා සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව සඳහන්.
දේවස්ථානයේ ජනේල හරහා මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුද සිය දිවි හානි කරගෙන තිබෙනවා.
තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ළමුන් වන අතර, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.