ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ 04 ක් සඳහා දැඩි නීති පැනවීමට ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශීය ජල පරිසර පද්ධතියට සහ මත්ස්‍ය ගහණයට දැඩි තර්ජයක් එල්ල කරන මත්ස්‍ය විශේෂ 04 ක් සදහායි මෙම නව නීති පැනවීමට කටයුතු කර ඇත්තේ.
ආක්‍රමණශීලී මත්සයින් සඳහා වන නව නීති රෙගුලාසි පනවා ඇත්තේ පිරානා, නයිෆ් ෆිෂ් , ඇලිගේටර් ගාර්, රෙඩිලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ 04 සඳහායි.
මෙම මත්ස්‍යයින් ආනයනය කිරීම හෝ අපනයනය කිරීම, සන්තකයේ තබාගැනීම, අභීජනනය කිරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම යන කරුණු යටතේ දැඩි නීති ක්‍රියාත්මකයි.