පෘථිවිය අයත් තාරකා පද්ධතියට ආසන්නතම තාරකා පද්ධතියේ වායු සහිත යෝධ ග්‍රහලෝකයක් ඇති බවට විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.
ආලෝක වර්ෂ හතරහමාරක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය තාරකා විද්‍යාත්මකව පෘථිවියට සමීප අසල්වැසියකු වනු ඇති අතර ඊට ජීවය පවත්වා ගෙන යන චන්ද්‍රයන් ද තිබිය හැකි බවයි විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.
එම විද්‍යාඥයන්ට අනුව මෙම ග්‍රහලෝකය ඇල්ෆා සෙන්ටෝරි තාරකා පද්ධතියට අයත් වනවා.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම දත්ත සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම ග්‍රහලෝකය පසුගිය වසරේ අනාවරණ වූ නමුත් පසු විපරම් නිරීක්ෂණවලදී එය අතුරුදහන් වී තිබුණා.
එය නිසැකවම පවතින බව ඔප්පු කිරීමට තාරකා විද්‍යාඥයන් නැවත සොයා බැලීම් කළ යුතු වනවා.
එම ග්‍රහලෝකයේ තාරකාව සහ අපගේ සූර්යයා අතර ඇති සමානකම් නිසා විද්‍යාඥයන් මෙම සොයාගැනීම ගැන විශේෂයෙන් උනන්දු වී තිබෙනවා.
විද්‍යාඥයන් පවසන පරිදි මෙම ග්‍රහලෝකය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු සහ බ්‍රහස්පතිට සමාන වන අතර ඝන වායු වලාකුළකින් වැසී තිබෙනවා.
එමගින් අදහස් වන්නේ එයට ජීවයට සහාය විය නොහැකි නමුත් වාසයට සුදුසු චන්ද්‍රයන් සිටිය හැකි බවයි.