Latest News

ට්‍රම්ප්ගේ ඇමතුම්වලට උත්තර දීම මෝදි ප්‍රතික්ෂේප කරයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාගත් ඇමතුම් 4කට පිළිතුරු දීම ඉන්දීය අගමැති මෝදි ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අද සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවට ආනයනය කරනු ලබන ඉන්දියානු භාණ්ඩ සඳහා වන බදු 50%ක ඉහළ දමා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

මේ බව මුලින්ම අනාවරණය කර ඇද්දේ ජර්මනියේ පුවත් වෙබ් අඩවියක් විසින්.

පසුව ඉන්දීය මාධ්‍යවල ද මේ බව වාර්තා කර තිබෙනවා.

එසේවුවද මෙම පුවත තහවුරු කිරීමට වොෂිංටනය හෝ නවදිල්ලිය ඉදිරිපත් වී නැහැ.

පසුගිය 24 වැනිදා ජපාන වාර්තාවකින් ද මේ බව කියැවුණා.

මෙම ඇමතුම් ට්‍රම්ප් විසින් ලබාගෙන තිබුණේ අවස්ථා 4කදී බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today