Latest News

චීන තාක්ෂණය සහ ජර්මන් හැඩය එකට එකතු වුණ අලුත්ම Limited Edition SUV එක

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන තාක්ෂණය හා ජර්මන් හැඩ ගැලපීම් එක් කරමින් ලීප්මෝටර් අයි සී ටෙන් ( Leapmotor i C10) නව විදුලි මොටර් රථය වෙළදපොලට නිකුත් කිරීමට සූදානම් වනවා.

Sport Utility Vehicle (SUV) හෙවත් ජිප් මොඩලයේ හැඩයක් සහිත මෙම නව මෝටර් රථය Limited Edition එකක් ලෙස මූලිකව ජර්මනියට පමණක් නිකුත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

චීන විදුලි වාහන නිෂ්පාදන සමාගමක් වන Leapmotor තම මධ්‍යම තරඟකාරී SUV මොටර් රථය වන C10 මත පදනම්ව නව විදුලි මෝටර් රථයක් ලෙස නිශ්පාදනය කිරීමට ප්‍රසිද්ධ ජර්මන් Irmscher ටියුනින් සමාගම සමඟ එක්වුණා.

ඒ් අනුවයි මෙම නව ලීප්මෝටර් අයි සී ටෙන් වෙළදපොලට නිකුත් කිරීමට සුදානම් වන අතර මෝටර් රථ 250 ක් පමණක් ඔක්තෝබර් මාසයේ සුරික් මෝටර් ගාළු තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම නව නිශ්පාදනය වන අයි සී ටෙන් මෝටර් රථය ගෝලීය වෙළඳපලට නිකුත් කිරීමට තවම තීරණය වී නොමැති බවයි ලීප්මෝටර් සමාගම පවසන්නේ.

කෙසේ වෙතත් ලීප්මෝටර් සහ Opel–Jeep අයිතිකරුවන් වන Stellantis සමග 2023 දී ආරම්භ කළ Leapmotor International නමින් එකමුතුව හරහා යුරෝපය සහ ඔස්ට්‍රෙලියාවට නව මොඩල නිකුත් කිරීමට සුදානම් බවද සමාගම සදහන් කරනවා.

World News

Send your contact Details Today