නවසීලන්ත රජය විසින් Entrepreneur Work Visa අහෝසි කර Business Investor Visa හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව නවසීලන්තයේ ආර්ථිකය වර්ධනය කිරීමට උපකාරී වන පළපුරුදු ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණ බවයි නවසීලන්ත රජය පවසන්නේ.
එහිදී Business Investor Work Visa බලපත්‍රය 2025 නොවැම්බර් මාසයේදී අයදුම්පත් සඳහා විවෘත වන අතර ආයෝජන විකල්ප 2ක් ලබා දී තිබෙනවා.
3-year work-to-residence pathway එක සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 1ක ආයෝජනයක් කිරීම ඉන් එක් විකල්පයක් වනවා.
එමෙන්ම පවතින වාපාරයකට නවසීලන්ත ඩොලර් මිලියන 2 ක ආයෝජනයක් සමඟ 12-month fast-track to residence මාර්ගයක් දෙවන විකල්පය ලෙස හඳුන්වාදී තිබෙනවා.
අයදුම්කරුවන් අවම වශයෙන් ඩොලර් මිලියන 1ක් හෝ ඩොලර් මිලියන 2ක ආයෝජන සීමාවන් සපුරාලන්නේ නම්, වීසා මාර්ගයෙන් ව්‍යාපාරයක් සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට හෝ අවම වශයෙන් ව්‍යාපාරයෙන් 25%ක කොටසක් ලබාගත හැකි වන බවයි නවසීලන්ත immigration වෙබ් අඩවිය පවසන්නේ.
Business Investor Work Visa බලපත්‍රය 2025 අප්‍රේල් මාසයේදී අලුත් කරන ලද Active Investor Plus Visa බලපත්‍රය සම්පූර්ණ කරන අතර ආයෝජන, කුසලතා සහ ජාත්‍යන්තර සබඳතා ආකර්ෂණය කර ගැනීම සඳහා පුළුල් යාවත්කාලීන කිරීමක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.