Latest News

ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවක් – ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට දැවැන්ත දූවිලි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් ප්‍රදේශයටයි මෙම දූවිලි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇත්තේ.

දූවිලි කුණාටුව හේතුවෙන් විදුලි බලය බිද වැටී ඇති අතර ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙවැනි දූවිලි කුණාටු හැඳින්වෙන්නේ “හබුබ්” ලෙසයි.

දූවිලි කුණාටුව පවුරක් ආකාරයෙන් ඉදිරියට ගමන් කරමින් සම්පූර්ණ ප්‍රදේශයම වසා ගැනීමට ලක්කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දූවිලි කුණාටුවෙන් අනතුරුව ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි ඇති වූ අතර ගස් කඩා වැටීම් වාර්තා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today