Latest News

🔴 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද ලැබුණු අධිකරණ තීරණය

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද දහවල් 2ට පමණ කැඳවනු ලැබුවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේයි. සැකකාර

එහිදී රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ zoom ඔස්සේ අධිකරණ කටයුතු වලට සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබුණා.

අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටි අතර සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වී සිටියා.

ටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ආරාධනා පත්‍රයට නෛතික පිළිගැනීමක් නැතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී පාවුඅ සූ අතර නඩුවිභාගය අවසන් වනතුරු ඇප නොදෙන ලෙස ඉල්ලා සිටියා.

ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේදී කිසිඳු රාජ්‍ය නායකයෙක් හමුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරීස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් පැවසුවා.

හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වන සමන් ඒකනායක මහතා ප්‍රකාශයක් ලබා දෙමින් මින් පෙර පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවේකයක් ලබා ගැනීම සඳහා ගිය බව තමන් සිතන බවයි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් මේ වන විට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

මෙහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප දීම සදහා සුවිශේෂී කරුණු දැක්වීමක් නොමැති බව, අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරීස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සළකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇපමත මුදාහැරිමටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළේ.

ඒ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් මතයි.

World News

Send your contact Details Today