Latest News

මධ්‍යධරණී මුහුදේදී ඉතාලි නැවක් අත්අඩංගුවට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලි රාජ්‍ය නොවන සංවිධානයක් වන Mediterranea Saving Humans විසින් මෙහෙයවනු ලබන Mediterranea සංක්‍රමණික ගලවා ගැනීමේ නෞකාව, සිසිලියානු ට්‍රැපානි වරායේදී ඉතාලි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙනසුරාදා දින බේරාගත් සංක්‍රමණිකයන් 10 දෙනෙකු ගොඩබෑම සඳහා වයඹදිග වරාය නගරයක් වන ජෙනෝවා වෙත යාත්‍රා කිරීමට කළ උපදෙස් නොසලකා හැරීම හේතුවෙන්.

පසුගිය වසරේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ පියාන්ටෙඩෝසි විසින් නිකුත් කරන ලද නියෝගයක් යටතේ මෙම අල්ලා ගැනීමේ ක්‍රියාව සිදු කර තිබුණා.

නෞකාව පැන්ටෙලේරියා ප්‍රදේශයෙන් සංක්‍රමණිකයන් රැගෙන ජෙනෝවා වෙනුවට ට්‍රැපානි වෙත ගමන් කරමින් සිට තිබුණ බවයි වාර්තා වන්නේ.

මේ අතර සංක්‍රමණික ගලවා ගැනීමේ රාජ්‍ය නොවන සංවිධාන පැමිණිලි කර ඇත්තේ තම ගලවා ගැනීමේ ප්‍රදේශවලින් දුරස්ථ ගොඩබෑමේ වරායන් වෙත යාමට ඉතාලි රජය දුන් නියෝග නිසා ඔවුන්ගේ මෙහෙයුම්වලට බාධා ඇති වන බවයි.

World News

Send your contact Details Today