Latest News

ගාසා රෝහලකට ඊශ්‍රායලයෙන් අමානුෂික ප්‍රහාරයක් – මිය ගිය අය අතර මාධ්‍යවේදීන් සිටින බවටත් තොරතුරු

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා හි රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජාත්‍යන්තර මාධ්‍ය සඳහා සේවය කරන මාධ්‍යවේදීන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නසාර් රෝහලේ ප්‍රහාරයෙන් මියගිය අය අතර රොයිටර් කැමරා ශිල්පියෙකු සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදියෙකු ද වන බව සඳහන්.

අනෙක් මාධ්‍යවේදීන් දෙදෙනා අල් ජසීරා සහ එන්බීසී සඳහා සේවය කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

World News

Send your contact Details Today