Latest News

වැනීසියේ බෝටුවක ගමන් කරමින් සිටි සංචාරකයින් පිරිසක් හදිසි අනතුරකට ලක්වෙයි (VIDEO)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වැනීසියේ, ගොන්ඩෝලාවක ගමන් කරමින් සිටි සංචාරකයින් පිරිසක් හදිසියේම බෝට්ටුව පෙරළීමෙන් පසු ගොන්ඩෝලියර් සමඟ ඇළ මාර්ගයක ජලයට වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී සංචාරකයින් පිරිස ජනෙල් දැලක සහ නැංගුරම් ලා ඇති බෝට්ටුවලට එල්ලී අසල පිහිටි කුඩා පාලමට ළඟා වීමෙන් ඇළෙන් පිටතට යාමට සමත් වී තිබෙනවා.

ඒ අනුව කැස්ටෙලෝ දිස්ත්‍රික්කයේ රියෝ ඩී ග්‍රේසි ඇළේ පටු ජල තීරුවක් දිගේ සිදු වූ මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදු නොවූ බවයි වාර්තා වන්නේ.

අනතුරට නිශ්චිත හේතුව පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් මූලික විමර්ශනවලින් පෙනී යන්නේ මගීන්ගේ හදිසි චලනය හේතුවෙන් බෝට්ටුව අසමතුලිත වී පෙරළී ගොස් ඇති බවයි.

එම අවස්ථාවේ දී සංචාරකයින් කිහිප දෙනෙකු සෙල්ෆි ගනිමින් සිටි බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today