අමෙරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීමට, අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන තිබෙනවා.
ඊශ්‍රායල ඉරාන යුද්ධයේ දී, අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට බෝම්බ දමමින් පහර දුන්නා.
ඒ, එරට න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමටයි.
එම ප්‍රහාරය සැලැසුම් කළේත් ක්‍රියාවට නැංවූයේත්, අමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සිය යටතේයී.
මෙහෙයුම සඳහා උපදෙස් ලබා දීම කළේ ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් විසින්.
කෙසේ නමුත්, ප්‍රහාරය අමෙරිකාව සිතූ තරම් සාර්ථක නොවුණු අතර, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට එය විශාල පාඩුවක් ද වුණේ නෑ.
ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීම සිදුවූයේ ප්‍රහාරයෙන් තමන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵල අත් නොවීම නිසා බවයි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැහැදිලි කර ඇත්තේ.
ඒ අනුව අමෙරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සියේ දෙවැනියා ලෙස කටයුතු කරමින් සිටින ක්‍රිස්ටීන් බෝර්ඩින් වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර තිබෙන බව ද සඳහන්.
ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස්ට අමතරව, බුද්ධි අංශයේ තවත් ඉහළ නිලධාරීන් කීප දෙනකු ද ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
පෙන්ටගනය පමණක් නොව, ධවල මන්දිරයට ද බුද්ධි තොරතුරු සැපයීම නිරන්තරයෙන් සිදු කරන්නේ, අමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියයි.