Latest News

Online ආදර සබඳතා ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Online Dating සැමවිටම ප්‍රීතිමත් සබඳතාවලට මඟ පාදන්නේ නැති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

රටවල් 50ක පිරිස් යොදාගෙන සිදුකළ අධ්‍යයනයේදී සොයාගෙන ඇත්තේ Online ඔස්සේ මුණගැසෙන යුවලවල් අඩු තෘප්තියක් වාර්තා කරන බවයි.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ විශේෂඥයින්ගේ දායකත්වයෙන්, Wroclaw විශ්ව විද්‍යාලයේ මාර්ටා කෝවල් (Marta Kowal) විසින් මෙම අධ්‍යයනය මෙහෙයවා තිබෙනවා.

එහිදී 6,500කට අධික පිරිසක් අතරින් Online ඔස්සේ මුණගැසෙන යුවලවල් අතර Relationship Satisfaction, Intimacy සහ Passion වැනි ගුණාංගවල පහත වැටීමක් පෙන්නුම් කළ බවයි හෙළිවී ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ, 2010 වසරෙන් පසු තම සහකරු මුණගැසුණු යුවලවල්වලින් 38% ක් අන්තර්ජාලය හරහා හමු වී ඇති අතර, එහි ගෝලීය සාමාන්‍යය 21% ක් වනවා.

වයස, ස්ත්‍රී පුරුෂ භාවය, භූගෝලීය පිහිටීම, අධ්‍යාපනය හෝ ලිංගිකත්වය නොසලකා ඔවුන් අන්තර්ජාලය හරහා හමුවී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ අතර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ Online හරහා ආරම්භ කරන සබඳතා ප්‍රතිශතය අඛණ්ඩව ඉහළ යන බැවින් දිගුකාලීන අධ්‍යයන අවශ්‍ය බවයි.

World News

Send your contact Details Today