ඉතාලියේ සිදු වූ සංචාරක පුද්ගලයෙකුගේ මරණයෙන් පසු නොසැලකිලිමත් ලෙස කඳු බෑවුම්වල කිමිදුම් කිරීම සිදු නොකරන ලෙස සංචාරකයින්ට දැනුම් දී තිබෙනවා.
23 හැවිරිදි සිසිලියානු ජාතිකයා ලාමා මොනාචයිල් කඳු බෑවුමේ සිට මෙම අනතුරුදායක කිමිදීම සිදු කර තිබුණා.
ඒ අනුව ඔහු සිදු කළ පැනීමක දී ඔහුගේ හිස ගලක වැදීමෙන් මිය ගිය බවයි වාර්තා වන්නේ.
එහිදී හිසට ඇති වූ දරුණු තුවාලයක් හේතුවෙන් සිහිය නැති වී තිබුණා.
ඔහුව මොනොපොලි හි රෝහලකට මාරු කරනු ලැබූ අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නැවත පණ ගැන්වීමේ උත්සාහයන් නොතකා ඔහු පසුව මිය ගිය බවයි වාර්තා වුණේ.
ඒ අනුව අනතුරුදායක ස්ථානවලින් පැන කිමිදීම, ඉතාලියට පැමිණෙන සංචාරකයන්ට තහනම් කරන බවයි දැනුම් දී ඇත්තේ.