ඉතාලියේ කාර්යබහුල ගුවන් තොටුපළක, චෙක්-ඉන් ප්‍රදේශයකට පුද්ගලයෙකු ගිනි තැබීමෙන් පසු, එහි සිටි පුද්ගලයින් අර්ධ වශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
මිලාන්හි මැල්පෙන්සා ගුවන් තොටුපළේ 1 වන පර්යන්තය තුළ සිදු වූ මෙම සිදුවීමේ දර්ශන සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවල දැක්වෙනවා.
එහිදී එක් මේසයක ගින්නක් හටගන්නා අතර, පුද්ගලයෙකු ඩිජිටල් තිරවලට පහර දෙන අකාරය ද දැක්වෙනවා.
කෙසේවෙතත් ලොම්බාර්ඩි ගුවන් තොටුපළ සංගමයට අනුව, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට තත්වය පාලනය කර තිබෙන බව දන්වා තිබෙනවා.