Latest News

ලංකා T10 තරගාවලිය හෙට ඇරඹේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලංකා T10 තරගාවලිය හෙට (16) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා කොළඹ, නුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල කණ්ඩායම් තරග වදින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

කොළඹ කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර දඹුල්ල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ භානුක රාජපක්ෂ විසින්.

ගාල්ල කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාගේටත්, නුවර කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ලටත්, යාපනය කණ්ඩායමේ නායකත්වය ජනිත් ලියනගේටත් හිමිව තිබෙනවා.

ලබන 16 වැනිදා සිට 18 වැනිදා දක්වා මෙම තරග තර්ස්ටන් සහ කොළඹ බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන් පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

මෙම තරගාවලියට සහභාගිවන කණ්ඩායම් පහ පහතින්…

World News

Send your contact Details Today