Latest News

ඉතාලියේ රැකියා ආශ්‍රිත මරණවල ඉහළ යාමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ රැකියා ස්ථානයේ හදිසි මරණ රැසක නවතම අවස්ථාව අද වාර්තා වනවා.

ඒ බොලොග්නා ප්‍රදේශයේදී අලුයම ෆෝක්ලිෆ්ට් එකකින් 28 හැවිරිදි සේවකයෙකු මිය යාමත් සමඟයි.

රාත්‍රී වැඩ මුරයක යෙදී සිටි මෙම පුද්ගලයා ග්‍රීන් එනර්ජි සමාගම තුළ පෙල්ට් බෑග් ගෙනයාම සඳහා ෆෝක්ලිෆ්ට් එකක් ක්‍රියාත්මක කරමින් සිටියදී වාහනයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

අදාළ වාහනයේ තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය තරුණ සේවකයා පකිස්ථාන සම්භවයක් ඇති අයෙක් වූ අතර ඉතාලියේ නීත්‍යානුකූල පදිංචිකරුවෙක් වනවා.

ඉතාලි රැකියා ස්ථාන අනතුරු රක්ෂණ ඒජන්සිය වන INAIL මෑතකදී පැවසුවේ වසරේ පළමු කාර්තුවේදී රැකියා ආශ්‍රිත මරණ 8.37% කින් ඉහළ ගොස් 205 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

World News

Send your contact Details Today