Latest News

Apollo 17 චන්ද්‍ර ගමනේ දී ගෙන ආ ගල් නියැදිවලින් නවතම තොරතුරු රැසක් එළියට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1972 දී සිදු කළ Apollo 17 චන්ද්‍ර ගමනේ දී ගෙන ආ ගල් නියැදි නවතම තොරතුරු හෙළි කර තිබෙනවා.

NASA සහ ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදුකර තිබු අතර අර්ධ ශතවර්ෂයක් තිස්සේ වැසී තිබුණු මෙම ගල් නියැදි විවෘත කිරීමෙන්ළ පසු Light Mantle නමින් හැඳින්වෙන චන්ද්‍රයේ රහස්මය ස්ථානය පිළිබඳ සොයා ගැනීමට හැකි වු බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

Light Mantle යනු සද මතුපිට මත දිගින් කිලෝමීටර 5ක් පුරා පැතිරුණු සුදු පැහැති පටියක්.

මෙය විද්‍යාඥයන්ගේ අදහසට අනුව ගල් කන්දක් කඩා වැටී ගලා ගිය විශාල landslide එකක් ලෙස හැදින්වෙනවා.

නමුත් එය ආරම්භ වුයේ කෙසේද යන ප්‍රශ්නය දශක ගණනක් තිස්සේ විසඳාගැනීමට නොහැකි වී තිබු බවයි වාර්තා වන්නේ.

නව පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ ගල් කැබලි (clasts) ගලා යද්දීම කඩා බිඳී ගොස් ගල් ගොඩක් ජලය ආකාරයට වගේ ගලා ගොස් ඇති බවයි‍. මෙය සාමාන්‍ය ගල් කන්දක් වැටී බිඳී යන ආකාරයට වඩා වෙනස් බවයි විද්‍යාඥයන් සදහන් කරන්නේ.

එහෙත් මෙම විශාල landslide එකට ආරම්භක හේතුව කුමක්ද යන ගැටලුව තවමත් තිබෙන අතර විද්‍යාඥයන්ගේ අදහසක් වන්නේ Tycho crater විශාල තාරකා ගැටීමකින් පිටවුණු ගල් කොටස් මෙහි කඳුවලට වැටී කඳුමුදුනේ ඉඳලා පහලට යන පාර (slope) අවහිර වීම මගින් landslide සිදුවී ඇතැයි යන්නයි.

මීට අමතරව ඇස්ටරොයිඩ් එකක ගැටීම, කඳු මුදුනේ ගල් කොටස් කඩා වැටීම, චන්ද්‍රයාාගේ ඇතුළත භූකම්පනයක් සිදුව ඇතිද යන ගැටලුව ද landslide එක සිදුවීමට හේතු වී ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.

මෙම පර්යේෂණය නායකත්වය දී ඇත්තේ University College London (UCL), England Dr. ජූලියා මැග්නාරිනි (Dr. Giulia Magnarini) වන අතර ඇය පවසන්නේ Apollo යුගයේදී සුරක්ෂිතව තබාගත් ගල් නියැදි අද නව තාක්ෂණ යොදාගනිමින් පරීක්ෂා කරනවිට ඉදිරියේදී Artemis චන්ද්‍ර ගමන් සඳහා බොහෝ පාඩම් ඉගෙන ගැනීමට හැකි බවයි.

Apollo17න් පසු පළමුවර human-crewed චන්ද්‍රයේ අවට ගමනක් සිදු 2026 අප්‍රේල්⁣ මාසයේදී සැලසුම් වෙමින් පවතිනවා.

World News

Send your contact Details Today