Latest News

ඉතාලියේ වයින් කර්මාන්තශාලා පරිශ්‍රයකින් අර්ධ වශයෙන් පිළිස්සී ගිය සිරුරක් හමුවෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ ගිනි නිවන මෙහෙයුමක් අතරතුර මිය ගිය අයෙකුගේ අර්ධ වශයෙන් පිළිස්සී ගිය සිරුරක් සොයාගැනීමට ගිනි නිවන භටයන් සමත් වී තිබෙනවා.

ඒ සිසිලියේ පැලර්මෝ අසල සැන්ටා ක්‍රිස්ටිනා ගෙලා හි ඇති වී තිබු විශාල ගින්නක් නිවා දැමීමට ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටියදීයී.

මියගිය පුද්ගලයා බෙල්මොන්ටේ මෙසාග්නෝ හි පදිංචි 55 හැවිරිදි සෙබස්තියනෝ ඩි’අමිකෝ ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

බලධාරීන්ට අනුව, මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ගින්නකින් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක වන අතර එය වයින් කර්මාන්තශාලා කිහිපයක් පිහිටා තිබූ ප්‍රදේශයක් වනවා.

අදාළ ප්‍රදේශයේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශයේ CCTV දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today