Latest News

අමෙරිකා නාවික හමුදා නෞකාවක ගින්නක් (VIDEO)

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපාන ඔකිනාවා දූපතේ පැය 12ක් නැංගුරම්ලා තිබු අමෙරිකා නාවික හමුදා නෞකාවක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් නාවිකයන් දෙදෙනෙකු තුවාල ලබා සිටින බවයි වාර්තා වන්නේ.

භටයින් 800ක් රැගෙන යා හැකි සහ නාවිකයන් 360කට අධික කාර්ය මණ්ඩලයක් සහිත ප්‍රවාහන තටාක නෞකාවක් වන යු එස් එස් නිව් ඕර්ලියන්ස් හි මෙම ගින්න හටගෙන තිබුණා.

ඊයේ (21) හට ගත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇති නමුත් මුළුමනින්ම නිවා දමා නැති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

World News

Send your contact Details Today