Mia Moglie (මගේ බිරිඳ) නමින් පවත්වාගෙන ගිය ඉතාලියේ Facebook Group එකක් ඉවත් කිරීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.
ඒ ඉතාලි පිරිමින් දහස් ගණනක් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව තම භාර්යාවන්ගේ සමීප ඡායාරූප පළ කර ඇති බව සොයා ගැනීමෙන් පසුවයි.
පිරිමින් 30,000 ක් පමණ සහභාගිත්වයෙන් ඡායාරූප පළ කිරීමට භාවිතා කර ඇති පිටුව, Facebook හි ලිංගික සූරාකෑමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කර ඇති බවයි Meta සමාගම පවසන්නේ.
ඒ අනුව “වැඩිහිටියන්ගේ ලිංගික සූරාකෑමට එරෙහි අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම නිසා අපි ‘මගේ බිරිඳ’ ෆේස්බුක් කණ්ඩායම ඉවත් කර ඇත්තෙමු,” Meta සමාගමේ ප්‍රකාශකයෙක් පැවසුවේ.
“අපගේ වේදිකාවල ලිංගික හිංසනය, ලිංගික අපයෝජනය හෝ ලිංගික සූරාකෑමට තර්ජනය කරන හෝ ප්‍රවර්ධනය කරන අන්තර්ගතයට අපි ඉඩ නොදෙමු,” ලෙස ද ඔහු තවදුරටත් සඳහන් කළා.
ස්ත්‍රී දූෂණයට පෙළඹෙන හෝ අනුබල දෙන අන්තර්ගතයන් පිළිබඳව අපට දැනගන්නට ලැබුණහොත්, එය පළ කරන කණ්ඩායම් සහ ගිණුම් අක්‍රිය කර මෙම තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන්නන් සමඟ බෙදා ගත හැකි බව ද Meta සමාගම පවසා තිබෙනවා.