පුපුරා යන තාරකාවක (Supernova) අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් පළමු වරට සමත් වී තිබෙනවා.
තාරකාවලට ඉන්ධන අවසන් වන තුරු වසර මිලියන ගණනක් සිට ට්‍රිලියන ගණනක් දක්වා ජීවත් විය හැකියි.
දැවැන්ත තාරකා Supernova ලෙස හඳුන්වන පිපිරීමකින් අවසන් වන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
අභ්‍යවකාශය ගැඹුරට එබී බලන දුරේක්ෂ භාවිතා කරමින්, පර්යේෂකයන් එවැනි පිපිරීම් රාශියක් නිරීක්ෂණය කර තිබෙනවා.
මෙම පිපිරීම්වලදී තාරකාවේ අභ්‍යන්තර ස්ථර සියල්ල මිශ්‍ර වීම නිසා විද්‍යාඥයන්ට ඒවා අධ්‍යයනය කිරීම අපහසු වනවා.
කෙසේ වෙතත්, 2021yfj ලෙස නම් කර ඇති ක්ෂීරපථ මන්දාකිනියේ පිහිටා ඇති Supernova නිරීක්ෂණය විශේෂ අවස්ථාවක් බවයි විද්‍යාඥයින් පවසන්නේ.
නිරීක්ෂණය කළ තාරකාව පුපුරා යාමේදී හයිඩ්‍රජන් හා හීලියම් ස්ථර පමණක් නොව, සලිකන් හා සල්ෆර් වැනි ඝන ස්ථර ද ඉවත් වී තිබූ බව ඔවුන් අනාවරණය කර තිබෙනවා.
මෙතරම් ප්‍රමාණයකට පුපුරා ගිය තාරකාවක් මීට පෙර කිසිදා නිරීක්ෂණය කර නොමැති බවයි සොයාගැනීම් කණ්ඩායමේ කොටසක් වූ Northwestern විශ්ව විද්‍යාලය සඳහන් කර ඇත්තේ.