Latest News

මුම්බායි නගරයේ ජන ජීවිතයට බාධා

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ, මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත්, ගුවන්ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගෙවුණු දින හතරක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය මෙම මාසයේ නගරයට ලැබෙන සාමාන්‍ය වර්ෂාවට වඩා අධික බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නමුත් ඉදිරි දින කිහිපයේ දී මෙම තත්ත්වය යහපත් වනු ඇති බවට ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින හතර තුළ මුම්බායි නුවර ඇතුළුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ වැසි ආශ්‍රිත අනතුරු හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

World News

Send your contact Details Today