සතුන් අතර පැතිර යන Foot and Mouth Disease හෙවත් FMD වෛරසය ව්‍යාප්තිවීම වැළැක්වීමට නව විසඳුමක් සොයා ගෙන තිබෙනවා.
ඒ් නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Pall Thordarson ඇතුළු කණ්ඩායම විසින්.
ඔවුන් පෙන්වා දෙන්නේ FMD වෛරසය සදහා mRNA නැමති Vaccination එක වඩා සුදුසු බව සොයාගත් බවයි.
FMD වෛරසය ගවයන්, එළුවන් සහ ඌරන් අතර ඉක්මනින් පැතිරෙන අතර වෛරසය ඇතුල් වුවහොත් ලක්ෂ ගණන් සත්තු මරා දැමීමට සිදුවන වනවා.
එහෙත් අලුතෙන් සොයාගෙන තිබෙන mRNA Vaccination එක මගින් වෛරසය ඇති වීම වැළැක්වෙන අතර සතුන්ගේ ප්‍රතිතිශක්තිකරණ පද්ධතියට වඩා හොඳින් හඳුනාගැනීමේ හැකියාව ලබා දෙන බව සදහන්.
මෙම එන්නත ජර්මනියේ ද ගවයන්ට ලබාදී ඇති අතර එම සතුන්ට FMD වෛරසය වැළඳී නැහැ.
New South Wales හි ප්‍රොෆෙසර් Pall Thordarson පෙන්වා දෙන්නේ mRNA Vaccination ඉක්මණින්ම විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම අත්‍යවශ්‍ය බවයි.
සත්තු සුරක්ෂිත කිරීමට පමණක් නොව ගොවින්ගේ රැකියාව මෙන්ම සහ වෙළඳසැල් වල ආහාර තොග ආරක්ෂා කිරීමට ද එය අත්‍යවශ්‍ය බව ඔහු සදහන් කරනවා.