ඉතාලිය විසින් එක්සත් ජනපදයේ සිටින තම පුරවැසියන් සඳහා හදිසි සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එරින් සුළි කුණාටුවේ ආසන්න තර්ජනය සහ දරුණු ගංවතුර අවදානම හේතුවෙන්.
මෙම පද්ධතිය තීව්‍ර වන විට, අනාවැකි මඟින් මුළු නැගෙනහිර එක්සත් ජනපදය සහ බහමාස් ඉලක්ක කරගත් අනතුරුදායක තත්වයන් – අධික වර්ෂාපතනය, වෙරළබඩ ගංවතුර සහ බලවත් රිප් ධාරා – වේගයෙන් වැඩි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඒ අනුව විශ්වාසදායක මූලාශ්‍ර සමඟ කුණාටුවේ මාර්ගය සහ තීව්‍රතාවය නිරීක්ෂණය කිරීමට, බලපෑමට ලක් වූ ප්‍රදේශවල අභිමතය පරිදි ගමන් කිරීම කල් දැමීමට සහ දේශීය හදිසි කළමනාකරුවන් විසින් නිකුත් කරන ලද උපදෙස් වලට අවනත වීමට සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනේවා.
බරපතල තුවාල හෝ ජීවිත හානි සිදුවිය හැකි කාලගුණික සිදුවීමකට නිරාවරණය වීම අවම කිරීම සඳහා මෙම පූර්වාරක්ෂාව පිළිබඳ පියවරයන්ට අනුකූල වීම ඉතා වැදගත් බවයි එම මුලාශ්‍ර පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය, විශේෂයෙන් එරින් සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සහ ඒ සමඟ ඇති වන හදිසි ගංවතුර අවදානම සම්බන්ධයෙන්, එක්සත් ජනපදයට සංචාරය කිරීමට සැලසුම් කරන තම පුරවැසියන් සඳහා හදිසි සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා.
නැගෙනහිර එක්සත් ජනපද වෙරළ තීරයේ මෙන්ම බහමාස්, බර්මියුඩා සහ අත්ලාන්තික් කැනඩාවේ ද දරුණු කාලගුණික තත්ත්වයන් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන කුණාටුවෙන් ඇති විය හැකි අනතුරු මෙම උපදේශනය මගින් ඉස්මතු කරනවා.
එමෙන්ම නිල යාවත්කාලීන කිරීම් සමීපව නිරීක්ෂණය කරන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා.