Latest News

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ගැන නවතම අනාවරණයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය සියයට 24 සිට සියයට 16 දක්වා අඩු වී තිබෙන බව ලෝක ආහාර වැඩසටහන අනාවරණ කරනවා.

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මේ බව දැනුම්දී ඇත්තේ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ අවස්ථාවේදීයි.

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නව නියෝජිතයා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දීමෙන් අනතුරුව පැවැති සාකාච්ඡාවකදී එය දැනුම්දුන්දී තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාව අතරතුර, දරිද්‍රතාවය පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂයෙන් අවධාරණය කරමින්, ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වාදී තිබෙනවා.

තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවන්ට සමගාමීව ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති දියත් කරමින් අඛණ්ඩව ශ්‍රී ලංකා රජයට සහාය වීමට ලෝක ආහාර වැඩසටහන බලාපොරොත්තු වන බව මෙරට නව නියෝජිත පිලිප් වෝඩ් මහතා එහිදී තහවුරු කර තිබෙනවා.

World News

Send your contact Details Today