දකුණු චීන මුහුදේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 15 වැනිදා ආරම්භ වූ යුද අභ්‍යාසය අගෝස්තු 29 වැනිදා දක්වා පැවැත්වෙන බවයි පිලිපීන හමුදාව නිවේදනය කළේ.
පිලිපීන සහ ඕස්ට්‍රේලියානු හමුදා සාමාජිකයන් 3600ක් සහභාගී වන යුද අභ්‍යාසයට ඊට අමතරව කැනේඩියානු රාජකීය නාවික හමුදාව සහ අමෙරිකාවේ මැරීන් බලකාය ද එක්වන බව සඳහන්.
2023 දී පළමුවරට පැවැත්වුණු ද්විපාර්ශ්වික ආරක්ෂක අභ්‍යාසයේ වඩාත්ම පුළුල් හා සංකීර්ණ පුනරාවර්තනයේ ආරම්භය මෙවර සනිටුහන් කරන බව පිලිපීන හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.
දකුණු චීන මුහුදේ විශාල ප්‍රදේශයක බීජිං හි ආක්‍රමණශීලීත්වයට සහ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රකාශයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා පිලිපීනය මෑත කාලීනව කලාපීය රටවල් සමඟ ඉහළ සහයෝගීතාවකින් කටයුතු කරමින් සිටිනවා.