Latest News

මිනිස් බබාලා හදන්න, නුදුරේදීම රොබෝ අම්මලා එයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මානවරූපී, ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි, කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලීමට සූදානම් වනවා.

කයිවා ටෙක්නොලොජි සමාගම ආරම්භ කළ ආචාර්ය ෂැං කිෆෙන්ග් මෙම යන්ත්‍රය සංවර්ධනය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලබන වසරේදී මූලාකෘතියක් නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර, එහි විකුණුම් මිල යුවාන් 100,000 (පවුම් 10,000) පමණ විය හැකි බවටයි ගණනය කර ඇත්තේ.

කෙසේවෙතත් ඩිම්බ සංසේචන කාර්යය සිදුවන්නේ කෙසේද යන්න මෙතෙක් පැහැදිලි කර නැහැ.

World News

Send your contact Details Today