Latest News

ලැව්ගිනි නිසා දකුණුදිග යුරෝපයේ රටවල් රැසකට දැඩි බලපෑම්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණුදිග යුරෝපයේ රටවල් රැසකට ලැව්ගිනි හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

පසුගිය සතියේ දී ආරම්භ වූ ලැව්ගිනි හේතුවෙන් ස්පාඤ්ඤය, පෘතුගාලය, ග්‍රීසිය හා තුර්කියට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

වියළි කාලගුණය හා සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීම දැඩි අභියෝගයක් බව ගිනි නිවන අංශ සඳහන් කරනවා.

ස්පාඤ්ඤයේ පමණක් ලැව්ගිනි 14ක් පමණ හටගෙන ඇති බව සඳහන්.

ලැව්ගිනි හේතුවෙන් ස්පාඤ්ඤයේ ගිනි නිවන භටයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් සඳහන් කරන්නේ.

ඉදිරි දින කිහිපය ඇතුළත දී යුරෝපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

World News

Send your contact Details Today