දියවැඩියා රෝගීන්ගේ ජීවිතාරක්ෂාව සඳහා යොදා ගන්නා continuous glucose monitor (CGM) එකක් දියවැඩියා රෝගීන් නොවන අය අතර ද ජනප්‍රිය වී තිබෙනවා.
එමගින් දුරකථනය හරහා ලබා ගන්නා ප්‍රස්ථාරයක් මගින් රුධිරයේ සීනි මට්ටම පෙන්වනු ලබනවා.
App එක අතේ ඇලවූ continuous glucose monitor එකකට සම්බන්ධ වන අතර එමඟින් සෑම මිනිත්තු පහකට වරක් රුධිරයේ සීනි මට්ටම මැනීම සිදු කෙරෙනවා.
මෙම උපාංගය රුධිරයේ සීනි පරීක්ෂා කිරීමට වේදනා රහිත ප්‍රවේශයක් ලබාදෙන අතර බරපතල තත්ත්වයක් මතුවීමට පෙර මට්ටම් ඉහළ සහ පහළ යාම පිළිබඳව අනතුරු ඇඟවීම් ද නිකුත් කරනු ලබනවා.
වයස අවුරුදු දෙකේ සිට පළමු වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන කොරින් මූර් නැමති කාන්තාව CGM මගින් තම රුධිර සීනි මට්ටම් අඛණ්ඩව පරීක්ෂා කරමින් සිටිනවා.
ඇය පවසන්නේ මෙය ජීවිත ආරක්ෂා කර ගැනීමට උදවු කරන උපකරණයක් බවයි.
එහෙත් සමාජ මාධ්‍යය තුළ ඇතමුන් තම ආහාරයට අනුව සීනි මට්ටම් වෙනස් වීම පෙන්වමින් CGM භාවිතා කරන වීඩියෝ ද දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත්, වෛද්‍යවරුන් පවසන්නේ, CGM භාවිතය දියවැඩියාව කලින් හඳුනාගැනීමට සහ සෞඛ්‍ය වර්ධන අවශ්‍යතා සඳහා ද උපකාරී වන බවයි.