ඖෂධ භාවිතයට යොදන කංසා (medicinal cannabis) හේතුවෙන් වැඩිහිටි පුද්ගලයින්ගේ නිදා ගැනීමෙී කාලය අඩුවිය හැකි බව Sydney Woolcock Institute of Medical Research විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දෙනවා.
පුද්ගලයින් 500 සහභාගී කරගනිමින් ඔවුන් මෙම පර්යේෂණය සිදු කරමින් පවතිනවා.
Medicinal cannabis භාවිතා කිරීමෙන් වයස්ගත පුද්ගලයන්ගේ සමස්ත නින්ද කාලය අඩුවිය හැකි බව එම පර්යේෂණයේදී හෙළිවී තිබෙනවා.
අදාළ පර්යේෂණයේ තෝරාගත් පිරිසකට CBD සහ THC අඩංගු ඔයිල් බිංදු 20දෙනෙකුට රාත්‍රියේදී ලබා දී ඇති අතර placebo ලබාදුන් රාත්‍රිය සමඟ සසඳන විට නින්ද කාලය මිනිත්තු 25කින් අඩුවීමක් පෙන්වා ඇති බවයි Sydney Woolcock වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
ඊට අමතරව REM sleep හෙවත් නින්දේදී සිහිනයන් ඇති වන අදියර අඩුවීමක් පෙන්නුම් කර ඇති අතර පර්යේෂකයන් අපේක්ෂා කළ ප්‍රතිඵලයද ලැබී නැහැ.
කෙසේ වෙතත් Sydney Woolcock වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් මේ දිනවල සිදු කරන පර්යේෂණය සාර්ථක වුවහොත් අනාගතයේදී ඖෂධහල් වලින් OTC (over the counter) ලෙස මිලදී ගත හැකි වනු ඇති බව ඔවුන් පවසනවා.