Latest News

දකුණු ඉතාලි දූපතක් අසළ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි (PHOTOS)

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා අසළ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එම බලකාය සඳහන් කළේ.

සංක්‍රමණිකයන් ලිබියාවේ සිට බෝට්ටු දෙකකින් ගමන් කරමින් සිටි අතර, එක් බෝට්ටුවකට ජලය කාන්දු වීමට පටන් ගැනීමෙන් පසු සියලුම පුද්ගලයන් අනෙක් බෝට්ටුවට මාරු කර තිබෙනවා.

කෙසේ වෙතත්, රළු මුහුදු තත්ත්වය හේතුවෙන් එම බෝට්ටුව පෙරළී ගිය බව වාර්තාවල සඳහන්.

බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉතාලි වෙරළාරක්ෂක බලකාය නැව් 5ක්, ගුවන් යානා 2ක් සහ හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) ප්‍රකාශ කළේ එම බෝට්ටුවේ පුද්ගලයන් 92ත් 97ත් අතර පිරිසක් සිටි බවත්, ඉන් 60 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි.

මේ වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරමින් පුද්ගලයන් 675 දෙනෙකු මිය ගොස් ඇති බව UNHCR ප්‍රකාශක ෆිලිපෝ උන්ගාරෝ පැවසුවා.

World News

Send your contact Details Today